Pera Dinayaka Ma Pem Kala Yuwathiya Lyrics
පෙර දිනයක මා.. පෙම් කල යුවතිය
සිය පුතු නළවනවා..
මගේම ගීයක් නැළවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා..
පෙර දිනයක මා.. පෙම් කල යුවතිය
සිය පුතු නළවනවා..
මගේම ගීයක් නැළවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා..
නුරාව වෙනුවට ඉඳුනිල් දෙනුවන
දයාව වෑහෙනවා..
නුරාව වෙනුවට ඉඳුනිල් දෙනුවන
දයාව වෑහෙනවා..
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙළුවා..
හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා..
හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා..
නෙත් අදහන්නට බැරි ලෙස රූසිරැ
කෙමෙන් මැකී යනවා..
එදා වගේ නවමත් වැට අද්දර
නාමල් පූදිනවා..
එදා වගේ නවමත් වැට අද්දර
නාමල් පූදිනවා..
නොකා නොබී දුක් වින්ද අතීතය
යළි මට සිහී වෙනවා..
පෙර දිනයක මා.. පෙම් කල යුවතිය
සිය පුතු නළවනවා..
මගේම ගීයක් නැළවිලි ස්වරයෙන්
ඈතින්.. මතු.. වෙනවා..