Sanda Horen Horen Horen Bala Lyrics
සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
චලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා
අසා සිටිනවා.. අසා සිටිනවා..
කඳුළු බිඳු ගලා සඳේ.. තුරුලතා පුරා..
සියොලඟම සැලී මගේ.. නොහිමි සීතලේ..
ඔබේ නෙත යදී..
මහද වියරුවෙන්..
සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
චලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා
අසා සිටිනවා.. අසා සිටිනවා..
කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී..
කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා..
ඔබේ සිසිලසින්..
සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා
අසා සිටිනවා.. අසා සිටිනවා..