Sudu Neluma Ko Sorabora Wewe Lyrics
සුදු නෙළුම කෝ
සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙලා විකිණු පන්සලේ
වැවට කළුවර යා වුණා
සංසාර දුක බෝ වුණා
වැවට කළුවර යා වුණා
සංසාර දුක බෝ වුණා
නෙලු මල් මිට ඉහිරුණා
එහා ඉවුරට පා වුණා
සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
සිහින් සිරිපොද වෑහුණා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙළුම් මල දෑස පියවි
මෙහා ඉවුරට පා වුණා
සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙලා විකිණු පන්සලේ
සුදු.. නෙළුම කෝ...