Wali Thala Athare Hemihita Basina Lyrics
වැලිතල අතරේ හෙමිහිට බසිනා
වැලිතල අතරේ හෙමිහිට බසිනා
නේරංජන නදියේ ගයා හිස
වැඩ සිට බුදු වුණුදා
තිලෝ හිමි මොක්සුව ලද මොහොතේ
සමාධි භාවනා
සමාධි භාවනා
හිම කඳු වැටියේ.. සීතල හෙවණේ
හිම කඳු වැටියේ.. සීතල හෙවණේ
චන්දන තුරු පීරා..
චන්දන තුරු පීරා
ඇදී එන.. මල් මුවරද රසිනේ
සමග මුසු.. කෝමල මඳ පවනේ
ගැටීලා පාවෙනා
ගැටීලා පාවෙනා
සත්සර නඟලා.. ටික ටික සෙලවී
සත්සර නඟලා.. ටික ටික සෙලවී
සිරි මා බෝ හිමිගේ මනෝහර
පළුපත් අතු රිකිලි
නටා ගිය තාලෙහි රස නැගුණා
සරාගී ජීවනා
සරාගී පීවනා
සඟමිත් මෙහෙණිය දකුණේ ශාඛා
සඟමිත් මෙහෙණිය දකුණේ ශාඛා
සිටරලක ගෙන ආ දා..
සිරලක ගෙන ආ දා..
සිටම තම මහමෙව්නා උයනේ
නටයි කොළ වන්නම ලෙස මහබෝ
සුමීරි නාදෙනා
සුමීරි නාදෙනා