Tharu Arundathi Nethu Pahan Niwa

Tharu Arundathi Nethu Pahan Niwa

w d amaradeva
Tharu Arundathi Nethu Pahan Niwa Lyrics

තරු අරුන්දතී.. නෙතු පහන්‌ නිවා
දුර නිසොල්මනේ. . හිඳිනා..
මග වනස්පතී.. ලිය ළදල්ලකින්‌
පිනි පොදක්‌.. සෙමෙන්‌ සලනා..

ඔබ සැමරුමි රැඳි.. කවුළුව මානේ
කඳුළක පැල්ලම්‌.. ඉරි ඇඳුනා..
අලුත්‌ මලින්‌ පිරි.. වනෝද්‍යානේ
සැඳෑ බොල්‌.. සුළඟේ..
මට තනියක්‌.. දැනුනා..

තරු අරුන්දතී.. නෙතු පහන්‌ නිවා
දුර නිසොල්මනේ. . හිඳිනා..
ඔබ කවුළු පියන්‌.. හැර පාන්දරින්‌
කොහේ ගියේද.. මට සිතුනා..

වැළපෙන මා හද.. කැටපත්‌ පවුරේ
හංස ගීතය.. ලියැවෙන දා..
පළමු අරුණු රන්‌.. රේඛාවක්‌ සේ
ප්‍රාර්ථනා සුවඳේ.. ඔබ එතැයි සිතුනා..

පිපි මලින්‌ මලේ.. රොන්‌ සුනු විසිරී
හද දිගේ.. සුසුම්‌ නගනා..
ඔබ කවුළු පියන්‌.. හැර පාන්දරින්‌
කොහේ ගියේද.. මට සිතුනා..
කොහේ ගියේද.. මට සිතුනා..
කොහේ ගියේද.. මට සිතුනා..
කොහේ ගියේද.. මට සිතුනා..
කොහේ ගියේද.. මට සිතුනා..
කොනේ ගියේද.. මට සිතුනා..

Video thumbnail