දෙව්දුවක්

Dewduwak


දෙව්දුවක් Lyrics

වචනෙකින් පවා... ඔබව රිදවලා.. නැතී වැරදි කාරයයි මං ඔබේ.....
දහස්වාරයක් මාව හඬවලා... ඇතී ප්‍රේමවන්තියයි නුඹ මගේ...
ඔබ අහසයි ඈත මම පොළොවයි මෑත
කවදාවත් මැණික අපි එක්වෙනු නොමැත

දෙව්දුවක් වගේ මාගේ දෑස බලන්න...
හිමිකමක් නැතත් ආසයි ඔබව දකින්න...
දෙව්දුවක් වගේ මාගේ දෑස බලන්න...
හිමිකමක් නැතත් ආසයි ඔබව දකින්න...

හිරි පොදට තෙමි තෙමී අපි අනන්තෙට ගියා...
මතකයි අද මෙන් තවත්
මේ ඉඩෝරය දුකයි යලි වැස්ස නොම වැටෙයි
ඔබ දැන් මාගේ නොවෙයි...
ඔබ අහසයි ඈත මම පොළොවයි මෑත
කවදාවත් මැණික අපි එක්වෙනු නොමැත

දෙව්දුවක් වගේ මාගේ දෑස බලන්න...
හිමිකමක් නැතත් ආසයි ඔබව දකින්න...
දෙව්දුවක් වගේ මාගේ දෑස බලන්න...
හිමිකමක් නැතත් ආසයි ඔබව දකින්න...

මට ලඟාවෙනු බැරී... සංසාර සිහිනයේ..
ලබැඳී ඔබ වෙයි හෙටත්
මේ කඳුළු බර වැඩියි මට නුහුරු ඒ නිසයි..
උමතුයි දැන්නම් හිතත්
ඔබ අහසයි ඈත මම පොළොවයි මෑත
කවදාවත් මැණික අපි එක්වෙනු නොමැත

වචනෙකින් පවා... ඔබව රිදවලා.. නැතී වැරදි කාරයයි මං ඔබේ.....
දහස්වාරයක් මාව හඬවලා... ඇතී ප්‍රේමවන්තියයි නුඹ මගේ...
ඔබ අහසයි ඈත මම පොළොවයි මෑත
කවදාවත් මැණික අපි එක්වෙනු නොමැත

දෙව්දුවක් වගේ මාගේ දෑස බලන්න...
හිමිකමක් නැතත් ආසයි ඔබව දකින්න...
දෙව්දුවක් වගේ මාගේ දෑස බලන්න...
හිමිකමක් නැතත් ආසයි ඔබව දකින්න...

Video thumbnail