තවම පණ තියෙනවා

Thawama Pana Thiyenawa


තවම පණ තියෙනවා Lyrics

ආදරේ හිතෙනවද අහනවා
ඔව් මටත් ආදරේ හිතෙනවා...
හාදු මට දැනෙනවද අහනවා
ඔව් මමත් උණුහුමක් හොයනවා...

කිරි වරම් නෑ නේද අහනවා...
කිරි නැතත් පපුවෙ ඉඩකඩ තියෙනවා

මුගුරක් අරන්.... ඇනපන් තදින්...
භුමියට තාම පණ තියෙනවා...

හත් මාල නළල් පට නෑ
සුදු නෙලුම් රෝස පෙති නෑ
නෙත් අඳුන් යටින් උනනා කඳුළැල්...
ඔබ දුටුවේ නම් නෑ...

මුගුරක් අරන්... ඇනපන් තදින්...
භුමියට තාම පණ තියෙනවා

ගිනි කඳුළෙන් දෙමට මලෙන්
නයි කඳුළෙන් නුග කොළයෙන්
ඉපදුණු සත් පත්තිනි බල මහිමෙන්
දිරිය අරන් පිපියන්..

මුගුරක් අරන්.... ඇනපන් තදින්.....
භුමියට තාම පණ තියෙනවා....
මුගුරක් අරන්.... ඇනපන් තදින්.....
භුමියට තාම පණ තියෙනවා....

Video thumbnail