මල් ඔන්චිල්ලා

Mal Onchilla


මල් ඔන්චිල්ලා Lyrics

හිත ආස තැන නැවතිලා
විඳින්නට හුස්මක රහා
ඇවිත් ඔබ ළඟටම වෙලා දඟ කළා.....
ඔව් එදා.....

මල් ඔන්චිල්ලා...
මත නැගිලා අපි දෙන්නා...
මුල් කාලේ නම් සඳ අල්ලා... නැළවෙන්නා

හිනාවන් කතාවන් මතක් වෙයි මුලාවන්
දැන් මුමුණන්න බෑ පරණ වාරම්
පියාඹයි ඔයා නම් අලුත් වූ විලාසෙන්
මගෙ තටු බින්දෙ ඇයි දැයි කියාපන්

මල් ඔන්චිල්ලා...
මත නැගිලා අපි දෙන්නා...
මුල් කාලේ නම් සඳ අල්ලා... නැළවෙන්නා

රැයක් එයි උදේ වෙයි හෙටත් එයි
නමුත් දැන්
මේ පායන්නෙ යළි පරණ සඳ නම්..
මතක් වෙයි දුකක් දෙයි ඔබේ ඇස් මැවී එයි
සිත පාරන්නෙ ඇයි පෙම් කළා නම්...

හිත ආස තැන නැවතිලා
විඳින්නට හුස්මක රහා
ඇවිත් ඔබ ළඟටම වෙලා දඟ කළා.....
ඔව් එදා.....

මල් ඔන්චිල්ලා...
මත නැගිලා අපි දෙන්නා...
මුල් කාලේ නම් සඳ අල්ලා... නැළවෙන්නා
මල් ඔන්චිල්ලා...
මත නැගිලා අපි දෙන්නා...
මුල් කාලේ නම් සඳ අල්ලා... නැළවෙන්නා

Video thumbnail