ඉඟි බිඟි පානා නෙතු මානේ... හිඳිමි නැවතීලා...
නොඉඳුල් හාදුව ළඟ සෙව්වේ සෙනෙහේ නොවේද මා..
මතු හිමි නොවුනට කම් නෑ ශ්රියාවේ දනිමී පමාවත් මගෙමයි..
නොහෙලූවා නම් මා මුලාවේ අදටත් නුඹේ ළඟමයි...
අහිමිව යන බැව් දැන බැඳුනේ...
දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ..
හිමිකම් නැති ළැම මත හැඬුනේ..
සනසනු හැකිදෝ කඳුළට මේ...
සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ...
හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ..
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ..
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ..
කඳුළැලි මා නවතා...... යළි හිනැහෙන්නම්....
ඔය මුවගේ පෙර සේ... මදහස වේ නම්..
තුරුලේ හොවමින් නළලත හාදු තියන්නම්...
රිදුමන් සඟවා මා නුඹ හට සමු දෙන්නම්..
අහිමිව යන බැව් දැන බැඳුනේ..
දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ..
හිමිකම් නැති ළැම මත හැඬුනේ..
සනසනු හැකිදෝ කඳුළට මේ..
සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ...
හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ..
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ..
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ..
සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ...
හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ..
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ..
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ..