Oba Soya Lyrics
ඔබ සොයා.. කල්පනා.. සයුර ඉකිබින්දා...
වේදනා.. රෑ පුරා... කඳුලු තරු ගැන්නා...
තව හීනෙකින්වත් ඒවි යැයි සිතුනා...
ඒ ඇති මටත් මං මගබලා උන්නා....
තරු අහුරු බිම වැටුනා..
ඇහෙනා තරම් හැඬුනා..
මම දින ගනන් ගැන්නා..
මග හැරෙන තැන් රිදුනා..
අහස් ගව්ගනනින් දුරස් කල මා..
නොසිතාම උන්නත් නොදැනුවත්වම ආ..
ඒ කඳුලු වැල් හංගා නොකියාම මං උන්නා..
ආදරේ මට මහමෙරක් හින්දා..
තරු අහුරු බිම වැටුනා..
ඇහෙනා තරම් හැඬුනා..
මම දින ගනන් ගැන්නා..
මග හැරෙන තැන් රිදුනා..