Nube as ma dekala

නුඹේ ඇස් මා දැකලා නුඹ වෙතටම ආවේ


Nube as ma dekala Lyrics

නුඹේ ඇස් මා දැකලා
නුඹ ලගටම ආවේ
කවුරුන්දෝ නොදනිමි මං නුඹවම මා පැතුවේ

නුඹේ ඇස් මා දැකලා
නුඹ ලගටම ආවේ
කවුරුන්දෝ නොදනිමි මං නුඹවම මා පැතුවේ

ආදරයේ අර්ථෙද මේ
නුඹ දැක මටමයි හැගුනේ
හැම රැය මේ නුඹෙ රුව මේ
මගෙ හදවතේ ඇදුනේ

දුටු දා ඒ රුව මාගේ හදටම කා වැදුනේ
පෙර දිනයකි නොවිරු විනා මට මාවම දැනුනේ
දුටු දා ඒ රුව මාගේ හදටම කා වැදුනේ
පෙර දිනයකි නොවිරු විනා මට මාවම දැනුනේ

මුළු දිවියම නුඹ හට බාරයි සියුමැලියේ
ඔය සුවද මේ මා ලග තවමත් රැදිලා තියේ

[Rap]
නුඹ දැකල මං වචන රචන කලා
මගෙ හිත හැම තැන නතර නතර කලා
මං ආදරයෙන් බැදුණු දවසෙ ඉදන්
රූපෙට වහ වැටෙයිද සසර වසන තුරා

ඔය දෑත මෙ මගෙ කරගත්තා
මං මවපු හීන ගොඩක් මගෙ කරගත්තා
අපි එක් වුන හැම රැයක් පාසා
මෙ හැගීමක් මැදින් නුඹ සිප ගත්තා

හැරෙන්නෙ කෙල්ලෙ මල් වැස්සක්
වස්සලයි
නුඹ ලගින් හැම තත්පරේම ලස්සනයි
උබ යද්දි යන්නෙ මාවත් හිනස්සලයි
මෙ රෝස මල හෙව්වා පාරෙ ගස් වලයි

නොදැනිම උඹ ලග නැවතුනා
රෑට හීන ලෝකෙක මම තනි වුණා
මගෙ පුරුදු ජීවිතෙ දියවුණා
ඔයා මට විතරක්ම අද ලියවුණා කෙල්ලේ
[End]

ආදරයේ අර්ථෙද මේ
නුඹ දැක මටමයි හැගුනේ
හැම රැය මේ නුඹෙ රුව
මේ
මගෙ හදවතේ ඇදුනේ

මගේ මේ හිත හැඩුවා
නුඹවම ඉල්ලා
හැමදාමත් නිදි නැති රෑ
නුඹවම සෙව්වා

ඔබ මැවූ මගෙ සිහිනයෙ
දිවිය ගෙවනවා
හැම මොහොතෙම මගේ ලග
වගේ දැනෙනවා

Video thumbnail