Kadadasi bata

Kadadasi bata


Kadadasi bata Lyrics

කඩදාසි බට වලින්
ආත්මය අළුකරන්...
තාත්තලා පෑගුවා මරු වැල්...
සිල්පරන් කොට උඩින්
පරවුනා කළුවරේ....
මල්... හීන මල්...
මල්...... හීන මල්.....

මොන්ටෙරෝ බණ අහන්ඩ
හන්දිවල සුදු ඇඳන්ම...
කලු එව්න් මහ ගොඩක් සෙනඟ පිරුනා....
හැමදාම කෙම්මුරට
කපුරු පෙති ඇවිලුවාට...
දෙවියන්ට වත් බලන්ඩ ... අමතකවුනා...
දෙවියන්ට වත් බලන්ඩ... අමතක වුනා...

කැලණි පාලම හැදුනා...
කළුවරේ... ම, ගිලුනා....
මහ පාරෙ අපේ උන් ඇල්වතුර බිව්වා....

රාජ බෝජන ගිලීන රිදී හැඳි සද්දය..ට...
මේස රෙදිවල උනත් බඩගින්න නිවුනා...
මහ පාරේ අපේ උන් ඇල්වතුර බිව්වා...

කැලණි පාලම හැදුනා...
කළුවරේ... ම, ගිලුනා....
කැලණි පාලම හැදුනා...
කළුවරේ... ම, ගිලුනා....
මහ පාරෙ අපේ උන් ඇල්වතුර බිව්වා....

කඩදාසි බට වලින්
ආත්මය අළුකරන්...
තාත්තලා පෑගුවා මරු වැල්...
සිල්පරන් කොට උඩින්
පරවුනා කළුවරේ....
මල්... හීන මල්...
මල්...... හීන මල්.....

Video thumbnail