උඹ එක්ක තනිවෙද්දි
තනිකමට සමුදෙද්දි
අපි ළඟම අපි හිටියේ
ප්‍රේමය නිසාමයි..
හිස උරහිසේ ඉද්දි
උඹෙ නින්ද මගෙ වෙද්දි
ඇහැරන්න නොසිතූවේ
ප්‍රේමය නිසාමයි...
උඹෙ නළල සිපගද්දි
තොල් අතර සැඟවෙද්දි
උඹ මා වෙළාගත්තේ
ප්‍රේමය නිසාමයි..
සතුටින්ම අපි ඉද්දි
ලොව එරෙහි වී යද්දි
වෙන් වෙන්න වූයේම
ප්‍රේමය නිසාමයි...
මගෙමමයි පිලිගද්දි
උඩු සිතම සැනසෙද්දි
යටි හිතින් නෑ කීවේ
ප්‍රේමය නිසාමයි...
අපි යන්න සැරසෙද්දි
වෙන්වෙමුද පවසද්දි
වෙන්වෙන්න නොසිතූවේ
ප්‍රේමය නිසාමයි..
පෝරුවට උඹ යද්දි
වෙනකෙකුගෙ අතගද්දි
හිතින් උඹෙ අත ගත්තේ
ප්‍රේමය නිසාමයි..
ඉරණමට බිළිවෙද්දි
සිහිසුන් වෙලා යද්දි
හිනැහීම සමු දුන්නේ
ප්‍රේමය නිසාමයි..
ඈතින්ම උඹ ඉද්දි
මගෙ මතක වියැකෙද්දි
මට උඹව සිහි වෙන්නේ
ප්‍රේමය නිසාමයි...
අපි දැන් දුරින් ඉද්දි
මතකයට උඹ එද්දි
හිත මාව රිද්දන්නේ
ප්‍රේමය නිසාමයි...
පිලිවෙලට සමු ගද්දි
මම අපිළිවෙල වෙද්දි
විස වතුර ගිල දැම්මේ
ප්‍රේමය නිසාමයි...
ප්‍රේමයෙන් තනිවෙද්දි..
තනිකමට හුරුවෙද්දි..
උඹ දැකලා සැනසෙන්නේ ප්‍රේමය නිසාමයි..
ප්‍රේමයෙන් තනිවෙද්දි..
තනිකමට හුරුවෙද්දි..
උඹ දැකලා සැනසෙන්නේ ප්‍රේමය නිසාමයි..