මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක...
එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක...
එදා වගේ හමුවන්නට සුන්දර සවසක..
හීන මවනවද හිර වී........ හිමි නැති පපුවක...
රුදු වදන් කටු ඇනී හීරුණු සමණල තටු වල....
මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක...
රුදු වදන් කටු ඇනී හීරුණු සමණල තටු වල....
මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක...
සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත..
පිනි බිඳක් වෙලා තිබුණත් ඇති ආදර පවසට...
අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට...
මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට.......
අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට...
මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට.......
ඔහෙ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට
ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල..
මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක...
එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක...
එදා වගේ හමුවන්නට සුන්දර සවසක..
හීන මවනවද හිර වී........ හිමි නැති පපුවක.......