Gimhanaye Pawela

Gimhanaye Pawela


Gimhanaye Pawela Lyrics

ගිම්හනෙයේ පාවෙලා-ඈත රන් මාළිගා...
සීතලේ ගුලිවෙලා-වින්ද සෙනෙහේ පුරා..
අද නෑ කොහෙදෝ පාවි-සිහිනේ මා අද තනිවී..
ඔබ මාගෙ සිහිනෙන් මිදිලා ලඳුනේ....
ගිම්හනෙයේ පාවෙලා-ඈත රන් මාළිගා...

මං තාම වාරු ගන්නෙ මල් හීනයේ...
ඔබ දුන්නු පැතුමන් හින්දයි මුළු ජීවිතේ..
ඔය නෙතට කඳුලැල් දුන්නෙ-මං ජීවිතේ....
ඔබ හීන රජ කරවන්නයි මා සැරදුනේ...
සවනේ තාමත් රැඳුනේ-ඔබගේ වදනයි සොඳුරේ...
ඔබ මාගෙ සිහිනේ රැඳිලා ලඳුනේ...
ගිම්හනෙයේ පාවෙලා-ඈත රන් මාළිඟා...

සංසාරෙ හුරු හින්දයි අපි යළි හමු වුනේ...
මේ දෑස ඔබගේමයි ඇයි හැඩවූයේ...
පවසන්න මගෙ සෙනෙහෙ ඇයි මදි උනේ..
පෙර සංසාරෙත් ඔබමයි මා හැරගියේ...
සැමදේ සුන්වී බොඳවී-කොහෙදෝ තුරුළක සැඟවී...
ඔබ මාගෙ සිහිනෙන් මිදිලා ලඳුනේ....

ගිම්හනෙයේ පාවෙලා-ඈත රන් මාළිගා...
සීතලේ ගුලිවෙලා-වින්ද සෙනෙහේ පුරා..
අද නෑ කොහෙදෝ පාවි-සිහිනේ මා අද තනිවී..
ඔබ මාගෙ සිහිනෙන් මිදිලා ලඳුනේ....
ගිම්හනෙයේ පාවෙලා-ඈත රන් මාළිගා...
සීතලේ ගුලිවෙලා-වින්ද සෙනෙහේ පුරා..
අද නෑ කොහෙදෝ පාවි-සිහිනේ මා අද තනිවී..
ඔබ මාගෙ සිහිනෙන් මිදිලා ලඳුනේ....
ගිම්හනෙයේ පාවෙලා-ඈත රන් මාළිගා...

ලා ලල ලාලලා....

Video thumbnail