Pereda (Hari adarayen un kale)

Pereda (Hari adarayen un kale)


Pereda (Hari adarayen un kale) Lyrics

හැම හීන ගානේ ආව ඒ රුව
මැකිලා ගිහින්...
මගේ ජීවිතේම අදුරේ වෙලිලා...
නෙතු ගාව පෑව ඒ හසරැල්ල
කොහෙදෝ ගිහින්...
අපෙ ආදරේම හීනයක් වෙලා...

හැම තප්පරේ - ඔබ එයි කියා
මග බලා ඉන්නම්...
කවදාක හෝ - හමුවේවීනම්
හිත හදා ගන්නම්...

හරි ආදරයෙන් උන් කාලේ
මතකෙට එයි මොහොතක් ගානේ
පෙරුමන් පිරුවත් මං ආයේ
ඔබ එන්නේ... නෑ...
සිතුවිල්ලක්වත් නෑ මාගේ
ඔබ ගැන අහිතක් කොයි වාරේ
අමතක නෑ ඔබ දුන් ස්නේහේ
පෙර දා...

හැම තප්පරේ - ඔබ එයි කියා
මග බලා ඉන්නම්...
කවදාක හෝ - හමුවේවීනම්
හිත හදා ගන්නම්...

හරි ආදරයෙන් උන් කාලේ
මතකෙට එයි මොහොතක් ගානේ
පෙරුමන් පිරුවත් මං ආයේ
ඔබ එන්නේ... නෑ...
සිතුවිල්ලක්වත් නෑ මාගේ
ඔබ ගැන අහිතක් කොයි වාරේ
අමතක නෑ ඔබ දුන් ස්නේහේ
පෙර දා...

Video thumbnail