හංගන්නද ආදරේ

Hangannada Adare (Oba Gawa Nawathina Chethana)


හංගන්නද ආදරේ Lyrics

සන්තානික මාළිගේ ඔබ තාම තනිවම ඇයි මෙලෙස තව
මං ඉන්නද පාඩුවේ අඩමාන නෙතු සඟවා
ප්‍රේමාදර මායිමේ හැමදා නිහඬ වනු ඇයි කෙලෙස මම
හංගන්නද ආදරේ හැම රෑක හිත රවටා

ඔබ ගාව නවතින චේතනා
මුදු හීන ලෝකෙක පා කලා
ඈත යනවද පාවෙලා
මම නෑ ඔබෙන් මිදිලා

දුර කාලයක බැඳෙනා රටා
හිත පාරවන රචනා එපා
දෑස බොඳ කරනා කතා
තව නෑ හදින් විමසා

මා ළඟින් සැනසීලා , හිනැහීලා
මට හේතු මොකටද යා කරන්නට අශා
ඔබ හා මා බැඳෙනා

කාලයෙන් බැඳි සීමා හැරදාලා
අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා
නොම බාධා අප හා

සංකා නැති මාවතේ තව නාවෙ මට කිමදැයි කියනවද
ළං වෙන්නද මා මෙසේ අමනාපකම් තියලා
රූරා ගිය ආදරේ ඔබ පාමුලේ තැබුවත් හැඟෙනවද
පාරා ගිය කාරනේ නොකියා හදක් රිදවා

ඔය හාදු මං ගාවින් තියා
ළං වී හිඳින්නද රෑ පුරා
මා සිතින් ඇඳෙනා නුරා
හද නෑ තවත් සනසා

දුර කාලයක බැඳෙනා රටා
හිත පාරවන රචනා එපා
දෑස බොඳ කරනා කතා
තව නෑ හදින් විමසා

මා ළඟින් සැනසීලා , හිනැහීලා
මට හේතු මොකටද යා කරන්නට අශා
ඔබ හා මා බැඳෙනා

කාලයෙන් බැඳි සීමා හැරදාලා
අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා
නොම බාධා අප හා

Video thumbnail