මේ දෑසින් ඔබ හරි ඈතයි

Me Dasin Oba Hari Athai


මේ දෑසින් ඔබ හරි ඈතයි Lyrics

මේ දෑසින් ඔබ හරි ඈතයි
දුරකතනෙන් මා ඇමතූවත්
දැකගන්නත් මට හරි ආසයි
ඔය නිලුපුල් නෙත් යුග ආයෙත්
ඔබ ගැන මා සිතනා සිතුමන්
බෑ ලියනට අකුරින් කවදත්
මේ අයුරින් දින ගෙවිලා යයි
අන් රටකට සිර දී තාමත්
තනිකම මට හුරු නෑ ප්‍ර්‍රේමියේ
කදුලැල් ඉදහිට හඩවාවී
නේනු මැන පාවී මේ සුලගේ
සමනලියේ
මතකය සුවදින් මා සැනසෙන්නම්
ආ ආ ආ ආ ආ...

දිගු වරලස නලල් තලේ
තාලෙට දග කරපු රගේ
හිස තබමින් ඔබ උකුලේ
සැනසුනු හැටි මට මතක තියේ
පිණිකැට ලෙස සද එලියේ
තරුකැට දිලිසුනු වතුරේ
පා දොවමින් ඇවිද ගියේ
ඔබ පමණයි මා ළග සිටියේ

වත්සුණු තැවරූ නෙක අගනන්
යන එන හැම තැන මා දුටුවත්
නෙත ඇදි හද බැදි ඔය රුවනම්
අමතක වන්නෑ මට කොහොමත්
වස්සානය ගිම්හානෙත් මට
සිසිලයි නෑ එහි වෙනසක්
ඔබ සියොලග උණුසුම ලබමින්
මතකද ගෙව්නා එක දවසක්

තනිකම මට හුරු නෑ ප්‍ර්‍රේමියේ
කදුලැල් ඉදහිට හඩවාවී
නේනු මැන පාවී මේ සුලගේ
සමනලියේ
මතකය මා සුවදින් සැනසෙන්නම්
ආ ආ ආ ආ ආ...

දිගු වරලස නලල් තලේ
තාලෙට දග කරපු රගේ
හිස තබමින් ඔබ උකුලේ
සැනසුනු හැටි මට මතක තියේ
පිණිකැට ලෙස සද එලියේ
තරුකැට දිලිසුනු වතුරේ
පා දොවමින් ඇවිද ගියේ
ඔබ පමණයි මා ළග සිටියේ

Video thumbnail