කාලෙක මලුත් පිපේ

Kaaleka Maluth Pipe


කාලෙක මලුත් පිපේ Lyrics

සඳවත මා ලඟටම ආ හිත සනසා කරපු කතා
මතකෙ පුරා ඔබම තමා
හිඳින්නෙ පායා අවරෙට ආ සඳ කුමරා
මට ඔබ හා හිත බැඳුනා දවස පුරා ඔබගෙ කතා
අහන්න ආශා

කාලෙක මලුත් පිපේ අපෙ කතන්දරේ
ආසම හිතක් තියේ ඔබ ලගයි ප්‍රියේ
ආලෙක රසත් තියේ ලස්සනත් තියේ
මේ හිත අරන් ගියේ ඔය හිතයි ඔබේ

ශුංගාරිය වින්දා පෙමිනා
මං ආසම හින්දා රැඳිලා
මල් මාවත ඉන්නා කුමරා
මං ගාවට එන්න දුවලා

ඒ පුරුදු සිනා දෑල
ඔබගෙ මුවඟේ පේන විඩා නිවා දාන
මගේ කාල සටහනේ
මේ සතුට කියා පාන සොඳුරු කතා කාල
සැබෑකරා හීන මගේ ආල කතාවේ

හිස්තැන් පිරී ඇද්ද
මං ආදරේ ඇද්ද
මේ ජීවිතේ එක්ක යං පියඹලා ඈත....//

කාලෙක මලුත් පිපේ අපේ කතන්දරේ
ආසම හිතක් තියේ ඔබ ලඟයි ප්‍රියේ
ආලෙක රසක් තිය්‍රේ ලස්සනත් තියේ
මේ හිත අරන් ගියේ ඔය හිතයි ඔබේ

ශුංගාරිය වින්දා පෙමිනා
මං ආසම හින්දා රැදිලා
මල් මාවත ඉන්නා කුමරා
මං ගාවට එන්න දුවලා

Video thumbnail