ඇවිදන් ඇවිදන් යනවා මම
ඇවිදන් යනවා මතකෙන් ඈතට
හංගන් හංගන් යනවා මගෙ
කදුලැලි නුබ හට නොපෙනෙන දුරකට
ඇවිදන් ඇවිදන් යනවා මම
ඇවිදන් යනවා මතකෙන් ඈතට
හංගන් හංගන් යනවා මගෙ
කදුලැලි නුබ හට නොපෙනෙන දුරකට
හලන්නෑ උහුලන් ඉන්නම් නෙතු අග කදුලේ
නුබෙ මතකෙන් මාවම මැකිලා යනකන්
මා සිප ගත් නුබෙ දෙතොලේ
මගෙ නම නොතියෙන දවසක් එනකන්
උහුලන් නෙතු අග කදුලේ
නුබෙ මතකෙන් මාවම මැකිලා යනකන්
මා සිප ගත් නුබෙ දෙතොලේ
මගෙ නම නොතියෙන දවසක් එනකන්
දැන දැනමයි ලිව්වේ.. නුබ නැති මගෙ ලෝකේ..
මේ හිස් අවකාශේ.. නෑසේ වි මෙ ගීතේ..
නුබ වෙනුවෙන් ලිව්වේ.. නුබගෙන් සැඟවූයේ..
මා සරලව ලීවේ සිගිතිය මනසට කවිපද බර වේ
ආලය හොයාන අපි කෑ කාලය
ආලය කියාන අපි විදි රාගය
අද ඉතිරිය මතකය
කෝ අපෙ පෙම්බර කතාවෙ ඉතිරිය කෝ
කෝ.. මා හොයනවා කිඳුරේ..
මා වෙනුවෙන් තෙත් වුන නෙත්වල දිස්නේ..
සද ඇතිමුත් නුබ නැති මගෙ රාත්‍රිය අදුරුය
ඇස්වල කඳුලුය දැන් මට පුරුදුය
මගෙ කිඳුරේ.. නුබ ගිය සිතිජය මට ඈතය
අයිතිය නැති තැන ආදරෙ එලෙසම
ආදරේ පෙන්නන්න අයිතිය නැතිකම
අපායෙ අහසට හද වැඩිය ද අමාවකට මං කවි ලීවද
පිපෙද්දි දැනෙද්දි අපිත් ප්‍රමාදය
ප්‍රේමෙ අකලාය ගෙවිච්ච කාලය
කල කිරෙනවා සං සංසාරය..
ජීවිතෙ දෙන්නගෙ සුන්දර කාලය
මත්කරගෙන වත්කරගෙන
බිව්වද..
ප්‍රේමනීය විශගෝර විකාරය..
පිටදාන හැඟුම් මේ අඬන හැඟුම්
ඒ මතක රැඟුම් පපුවට කැක්කුම්
ප්‍රේමෙන් රිදුනයි ඔව් මට රිදුනයි
කොතනට වැදුනයි බොක්කට වැදුනයි
වෛරෙන් ප්‍රේමෙන් දෙඅතක ඇදුනයි
රාක්ශ නෙත්වල ඇයි අද කඳුලයි
මාස දෙක තුනක් කාලය ගෙවුනයි
මාස්ක් එකක් තුල හසරැලි මැරුණයි
නුබ ඇවිදින් මතකය අවුලන
සයිබර් අවකාශෙක සොහොනයි
දශකෙට ඈතින් ආදරෙ උපතයි
දෙදහස් විසිඑක ආදරෙ විපතයි
නොකියමයි ලං වුනේ නොදැනිම අප වෙන් වුනේ
කාලයයි ස්වභාදමයි අප ලං කර වෙන් කලේ..
එදා ඇබ්බැහියක් වුනු පෙමක්.. අද මගෙ මතකේ ශේෂයේ.. නොමැරුනා හදවතක් ඉවසුවා...
ඇවිදන් ඇවිදන් යනවා මම
ඇවිදන් යනවා මතකෙන් ඈතට
හංගන් හංගන් යනවා මගෙ කදුලැලි නුබ හට නොපෙනෙන දුරකට
ඇවිදන් ඇවිදන් යනවා මම
ඇවිදන් යනවා මතකෙන් ඈතට
හංගන් හංගන් යනවා මගෙ
කදුලැලි නුබ හට නොපෙනෙන දුරකට
හලන්නෑ උහුලන් ඉන්නම් නෙතු අග කදුලේ නුබෙ මතකෙන් මාවම මැකිලා යනකන් මා සිප ගත් නුබෙ දෙතොලේ
මගෙ නම නොතියෙන දවසක් එනකන්
උහුලන් නෙතු අග කදුලේ
නුබෙ මතකෙන් මාවම මැකිලා යනකන් මා සිප ගත් නුබෙ දෙතොලේ..
මගෙ නම නොතියෙන දවසක් එනකන්