මන්දාරම් කතාවේ Lyrics
දිගු කාලෙකින් සීතලේ
මහනුවර මන්දාරමේ
ඇදහැලෙන වැස්සක් වගේ
ඔබගෙයි මගෙයි ආදරේ... //
මන්දාරම් කතාවේ...//
සදකැන් වැටී ඇති රාත්රියෙ
පාලු මාවත් දිගේ
ඇවිදින් ඇති අපි මේ වගේ
එකට සංසාරයේ
ඒ නිසයි ඔබව පැතුවේ හැමදාම
මාගේ හද මණ්ඩපේ...
මන්දාරම් කතාවේ...//
සැනසුම ඇති මොහොතක් ලොවේ
තිබෙනවානම් අගේ
දිව්රන්නෙමි පෙම්වන්තියේ
නෙතු ලගයි ඒ ඔබේ
පියවරක් ඇත ඔබ එපා යන්න
මා හෙළා පාලුවේ...
මන්දාරම් කතාවේ...//