ඉවසන්න බැරි තරම් Lyrics
ඉවසන්න බැරි තරම් කඳුළු නෙත හිරකරන්
පෙම් කළේ නෑ ඔයා සත්තකින් මං තරම්
වැටෙන හුස්මත් ගිහින් අඬන හිත තනිකරන්
මම නොවේ ඔය හිතයි පළිගන්නේ රත්තරන්
මම නොවේ ඔය හිතයි පළිගන්නේ රත්තරන්
මතක සැමරුම් ලියා සිහින සිතුවිලි පුරා
අමතකද කී කතා උණුහුමේ ගුලිවෙලා
බැදුණු හදවත පුරා හෙමි හෙමින් අඩි තියා
ළං වෙන්න බැරි දුරින් නුඹ ගිහින් නැවතිලා
තනිය දුරකින් තියා හිතට එබිකම් කළා
කාටවත් නැති තරම් ආදරෙන් ළං වෙලා
සිහින අතරින් ඇවිත් කඳුළු තනියට තියා
ඔබ ගියපු දා ඉඳන් මේ හිතම ගොළු වෙලා
ඉවසන්න බැරි තරම් කඳුළු නෙත හිරකරන්
පෙම් කළේ නෑ ඔයා සත්තකින් මං තරම්
වැටෙන හුස්මත් ගිහින් අඬන හිත තනිකරන්
මම නොවේ ඔය හිතයි පළිගන්නේ රත්තරන්
මම නොවේ ඔය හිතයි පළිගන්නේ රත්තරන්a