ප්‍රාතිහාරී

Prathihari


ප්‍රාතිහාරී Lyrics

ප්‍රාතිහාරී නුරා ගේනා
මීන දෑසේ මවා ආශා
රූපසාරි මැවී පේනා
චන්ද්‍රශෝභා රසේ පානා
මනආශා රටා පානා
හිත පෑහී සොබා ගේනා

නේත්‍රා මානනා
සිත පාරා පෑසිනා
සීමා නෑ සිතා
ඉඟි පානා දෑසිනා
සිහින යායේ සරා මා හා
එනවාදෝ මවා සේයා
ප්‍රේම හීනේ සොබා ගේනා

සේයා රෑගෙනා
නිම නේනා කාරණා
ඡායා රූ මවා
නෙතු පේනා රෑ දිවා
සිහින යායේ සරා මා හා
එනවාදෝ මවා සේයා
ප්‍රේමහීනේ සොබා ගේනා

Video thumbnail