ලෝකයාට රහසේ (කඳුලු පිරුනු ඇස්දෙක)

Lokayata Rahase (kadulu pirunu as deka)


ලෝකයාට රහසේ (කඳුලු පිරුනු ඇස්දෙක) Lyrics

ලෝකයාට රහසේ අපි කරාපු ආදරය
පෑදුවාට සිතු සේ ඔබ මාගේ විනාශය
නෑ කියාපු හැමදේ සිදු වූ ඒ විලාසය
ආදරේ ගින්දරක් අලු කෙරුවා කතාවම

කියන්නෙ නෑ ඔබෙ අඩුපාඩූ
හදන්න බෑ මේ හිත බිඳුණූ
නිවන්නෙ නෑ මේ ඔබ ඇවිලූ
පැතු හීන බොඳ වුණා...//

හීන මැරුණු රෑට නිතර සිහිවෙනවා ඔබව
මාගෙ කියූ ආදරය නෑ අද ලඟ පාත
ආල කතා කී ඔබ මා හැර ගිය බවට
පිළිගන්නෑ හිත තවමත් ඉල්ලන්නේ ඔබව

කියන්නෙ නෑ ඔබෙ අඩුපාඩූ
හදන්න බෑ මේ හිත බිඳුණූ
නිවන්නෙ නෑ මේ ඔබ ඇවිලූ
පැතු හීන බොඳ වුණා...//

කඳුලු පිරුණු ඇස් දෙක නේද දන්නේ ආදරය
අඳුරු මතක අපගේ තාම රිද්දනවා පපුව
ගව් ගානක් දුර ආව අපිම අද වෙන්වී යන අරුම
හීනයක් වගේ තාමත් සිදු වූ හැමදේම

ලෝකයාට රහසේ....

Video thumbnail