මම පැතුවේ (මට ආසයි අත අල්ලන්)

Mama Pathuwe (Mata Asai Atha Allan)


මම පැතුවේ (මට ආසයි අත අල්ලන්) Lyrics

මම පැතුවේ ඔබ ලගම හැමදාම නවතින්න
මතකයට ඉඩ දෙන්න තියෙනවා තව දුර යන්න
හිත ඇතුලේ ආදරය සගවාගෙන බෑ ඉන්න
ආදරයෙන් ඔබෙ ලගට වී ඔබටම අත දෙන්න….

හිරැ යනවා අවරට මා කලුවරට හුරැ වෙන්න
සදට පුලුවනි අඹරටම දිදුලන එළියක් වෙන්න
තිබෙනා තුරැ ඔබෙ ආලේ මට ඕනේ රැක-ගන්න
ඔබෙ ලගටම වී ඉන්න හැමදාම ඉඩ දෙන්න….

මට ආසයි අත අල්ලන් ඔබෙ මුවග සිප ගන්න
ඔබෙ මුහුණ සිනාවෙන් හැමදාම පුරවන්න
දුක දැනෙනා විට නුඹට මට තුරැලුව සැනසෙන්න
මට ඕනේ හැමදාම නුඹෙ තුරැලටම වී ඉන්න

Video thumbnail