චාටු කතා (ඇස් දෙකම රිදෙනකල්) Lyrics
ඇස් දෙකම රිදෙනකන්
මං බලාන ඉන්නම්
ඔය රූපෙ දිහා මගේ ලඟට ඔයා ඇදෙනකන්
සුරපුරෙත් නැති තරම්
ඔබ වගේ සුරඟනන්
සඳ රැජිණි ඔයා ඇවිදින් මට තුරුලු වෙනවනම්
හිරු සඳු දෙක පවතිනකන්
ඔබ මගෙ ලඟ ඉන්නවනම්
මං නෑ ඔබ දෙන්නේ මේ ලෝකේ කාහටවත්නම්
චාටු කතා කියලා රවට්ටන්නේ නෑ
ඔබ මැවුව කෙනා මටනම් හිතාගන්න බෑ
සංසාරේ පුරා එනවා නවත්තන්නේ නෑ
තනිකරලා ඔයා කිසිදා මමත් යන්නේ නෑ
සතුටින් කල් ගෙවුවට මොහොතින්
අප හට දුක් කරදර ඒවී
ඒවා ජයගන්නට පුලුවන්
ඔබ මගෙ ලඟ ඉන්නට වේවි
මම රාමා වේනම් ඔබ සීතා දේවී
රාවණාගෙ බැල්මෙන් ඔබ බේරා ගනිමී
මේ ලෝකෙ පුරා හොයලා
ආවෙ ඔබ තමා
රූපෙ ඔබේ දැකලා
මවිත උනි මෙමා
ලාලිත ඉඟ සුඟ නලවලා
දෙවඟන රඟදෙනවා
මා නැත ඇසිපිය හෙලුවෙම
ඔබ දෙස බැලවෙනවා
චාටු කතා..//