එක දවසක්(නැහැ දවස් දෙකක්)

Eka Dawasak (Naha Dawas Dekak)


එක දවසක්(නැහැ දවස් දෙකක්) Lyrics

එක දවසක් නෑ දවස් දෙකක්
මුළු දිවියේ පුරා ළඟ ඉන්නම්
නිමේෂයක් නැ හෝරාවක්
මුළු සසරේ පුරා ඔබේ වෙන්නම්

ආදරියේ... මා ආදරෙයි මං ආදරෙයි
මේ තරන් නෑ කාටවත් මං ආදරේ

මේ ප්‍රේම ලෝකේ නෑ දැනුනෙ ශෝකේ
නුඹ ගාව දැනුනේ සතුටයි ලඳේ
මා හද පිරි ආදරේ නුඹගෙයි ලඳේ

නුඹ නොමැති කතරේ, තනිකමම දැනුනේ
ළඟ රැඳෙනු මාගේ හැකි හැම වෙලේ
මා හද පිරි ආදරේ නුඹටයි ලඳේ

එක දවසක් නෑ දවස් දෙකක්
මුළු දිවියේ පුරා ළඟ ඉන්නම්
නිමේෂයක් නැ හෝරාවක්
මුළු සසරේ පුරා ඔබේ වෙන්නම්

ආදරියේ... මා ආදරෙයි මං ආදරෙයි
මේ තරන් නෑ කාටවත් මං ආදරේ

Video thumbnail