ඔබ ගැන මතකේ Lyrics
සිහිලැල්වු ආදරයේ
සෙවණැල්ලයි මා ඔබගේ
දිවිගමනේ හැම බවයේ
මට දේවියන් දුන් තිලිණේ
ඔබ ගැන මතකේ හදවතෙ තියන්
මා මිය යන්නම් ආයෙත් ඉපදෙන්නම්....//
හරි අහම්බෙන් වගේ හමුවුනේ
දඟකරනා ඇස්දෙක මට ඔබෙ
හිත වසඟකලා පෙම් හීනයේ හැඩකාරියේ..
හද නොසන්සුන් කලා රැව ඔබේ
හරි මුරණ්ඩුයි කාතා ඔය මුවෙ
සඳ කිරණයි ඔබ මගෙ ජිවිතේ හිමිකාරියේ..
සිහිලැල්වු ආදරයේ
සෙවණැල්ලයි මා ඔබගේ
දිවිගමනේ හැම බවයේ
මට දේවියන් දුන් තිලිණේ
ඔබ ගැන මතකේ හදවතෙ තියන්
මා මිය යන්නම්
ආයෙත් ඉපදෙන්නම්
ඔබ ගැන මතකේ හදවතෙ තියන්
මා මිය යන්නම්
ආයෙත් ඉපදෙන්නම්....