මල් මාවත් Lyrics
මංදාරේ කවි ලිය ලියා
රෑ සඳ පැතුමන් ඕවිල්ලේ
හැංදෑවක දුක දෑසින් අරගෙන
කොයිදෝ මේ යන්නේ
හංගාගෙන පැතුමන් ඇයි රහසෙම ගුලිකර විසිකෙරුවේ
නෑවිත් ඉන්නද අමනාපෙන් නම් ආයෙත් සඳ එළියේ
මල් මාවත් නැති ගමනක් ආ දුර වෙහෙසක් නෑ දැණුනේ
අහසක් සේ නුඹ සෙවනක් ඌ තැන නිවනක් මා දැක්කේ
වස්සානේ යළි ඒවිද
අපි වෙත ආයේ හෙට දවසේ
හසරැල් සේයා යළි දෑසට අරගෙන
දෙහදක් ස්නේහෙන් එක් වූයේ
හංගාගෙන පැතුමන් ඇයි රහසෙම ගුලි කර විසි කෙරුවේ
නෑවිත් ඉන්නද අමනාපෙන් නම් ආයෙත් සඳ එළියේ
මල් මාවත් නැති ගමනක් මහ දුර වෙහෙසක් නෑ දැණුනේ
අහසක් සේ නුඹ සෙවණක් වූ තැන නිවනක් මා දැක්කේ