දවස ගානේ

Dawasa Gane 


දවස ගානේ Lyrics

සිත ළඟ බොහෝ සෙනෙහස පුරෝ ගෙන සිටිය එදා
ඈතින් මොකෝ ලං වෙන්නකෝ මට කියපු කෙනා
නාදුනන සේ අපි යන්න මට වාරු නෑ ඒ හැටි

දවස ගානේ මගේ හිතින් දුන්නු ආලේ නුඹේ නමින්
ආයේ ආයේ රිදුම් දෙමින් ඉන්න පුලුවන්ද බෑ ඉතින්

නෑ මාව නෑ හඳුනා දුක රූරා වෑහෙනවා මා නෙත් පාසා
හීන අඳුරේ දා මේ හෝරා පාළුවේ නුඹේ දෑසයි පේනා //

දුක දැනෙන තැන් විඳගනිමි මං සමුගන්න ඔයා
හිත හැදෙනකන් සනසන්න දැන් කවුරුවත් එපා
අල්ලගෙන ඔය අතින් යන්න බෑ ආයෙමත් නුඹ ලඟින්

දවස ගානේ මගේ හිතින් දුන්නු ආලේ නුඹේ නමින්
ආයේ ලංවී කියා දෙමින් ඉන්න පුලුවන්ද බෑ ඉතින්

නෑ මාව නෑ හඳුනා දුක රූරා වෑහෙනවා මා නෙත් පාසා
හීන අඳුරේ දා මේ හෝරා පාළුවේ නුඹේ දෑසයි පේනා //

Video thumbnail