ඔබ වෙනුවෙන්

Oba Wenuwen (Maa Danne)


ඔබ වෙනුවෙන් Lyrics

මා දන්නේ ආදරේ ගැන විතරයි
එය කියලා දුන්නේ ඔබම තමයි//
ඔබ නැතිවම කොහොමද මා ඉන්නෙ//
හද සැනසුම ඇත්තෙ ඔබ ළගමයි

ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම්
ඔබ වෙනුවෙන් මා මියැදෙන්නම්.....

උරහිසට මගේ ඇලවී ඉන්න
දිවුරා මගෙ බව මට පවසන්න
සසරේ ගමනට අත්වැල වෙන්න
කැන්දන් යන්නට දිනයක් දෙන්න

මේ ඇස් දෙක පියවෙන තුරුම මගේ
ඔබ ලග ඉන්නට මට ඉඩ දෙන්න

ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම්
ඔබ වෙනුවෙන් මා මියැදෙන්නම්......

තනිකම මකනා කවියක් වෙන්න
මගෙ හිත නිවනා බිරිදක් වෙන්න
සසරෙ ගමනට අත්වැල වෙන්න
කැන්දන් යන්නට දිනයක් දෙන්න

ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම්
ඔබ වෙනුවෙන් මා මියැදෙන්නම්

Video thumbnail