රන් තෝඩු Lyrics
ලං වී ඉන්න ආලෙන් මට පෙම් බැන්ද දා මෙන්
වරු ගණනාවක් යා දෙන් නුඹ සිප ගත්‍ත මානෙන්
මත් වෙන්නා වාගේ ඔය පෙම් බැල්මේ රූපේ
මන් එන්නම් රහසේ යං අත් අල්ලන් පහසේ
මන් ඔය ප්‍රේමේ පටලා
තුන්යාමේ මැවිලා
පිං රූපේ නොවෑ මා
රන් මේ තෝඩු පළදා
මා කැන්දන් යන දා
තව ඉවසුම් නැත මා.....
හිතම හිරිවැටෙනා මල් කතා
සවනේ රැව් පිළිරැව් දෙන රටා
මුවගේ ඔය හුරතල් නොදකිනා මට
කුමට මේ නෙත් අරුතක් වෙනා
ලං වී ඉන්න ආලෙන් මට පෙම් බැන්ද දා මෙන්
වරු ගණනාවක් යා දෙන් නුඹ සිප ගත්‍ත මානෙන්
මත් වෙන්නා වාගේ ඔය පෙම් බැල්මේ රූපේ
මන් එන්නම් රහසේ යං අත් අල්ලන් පහසේ