ගජමන් නෝනා (සඳ කොමලියට පතා)

Gajaman Nona (Sada Komaliyata Patha)


ගජමන් නෝනා (සඳ කොමලියට පතා) Lyrics

සඳ කොමලියට කතා
ඉඟසුඟ නාරිලතා
හිත මන බන්දන සේයා

ඔය බැල්මකට නුරා
හිත අරගත්ත හොරා
මට ඉඟි කරවන ඡායා

රුව දිලෙනා කවි ලියනා
කරකාරෙට බඳිනා
පද අමුණා මට කියනා
නුඹ ගජමන් නෝනා

නිදි වරනා රැය ගෙනෙනා
පෙම් හීනෙක වෙලුනා
හද ගැහෙනා විට හිත මා
පෙම මටමයි ඕනා

සුන්දර කෝල සිනා
ගින්දර තාල මනා
අන්දර වැට ළග පානා

පින්බර දාක පතා
පෙම්බර ආල කතා
මම නුඹෙ වෙන්නට ඕනා

රුව දිලෙනා කවි ලියනා
කරකාරෙට බඳිනා
පද අමුණා මට කියනා
නුඹ ගජමන් නෝනා

නිදි වරනා රැය ගෙනෙනා
පෙම් හීනෙක වෙලුනා

හද ගැහෙනා විට හිත මා
පෙම මටමයි ඕනා

නුඹ ද සිහින පෙම් කුමරා
බැඳුන රැඳුන වන බඹරා
ගැහෙන තැනක පෙම තවරා
ගන්නකෝ මේ හිත දැන් පවරා

හිත මගෙ තාලෙට නැලවෙනා
කරවට මාලෙක සෙලවෙනා
මුතුපොට ගෝමර ලෙල දෙනා
කවිපද ආලෙට ලියවෙනා
කෝමළ ලඳ කියා
බෙන්තර පාලම උඩ ඔයා
හිත මැද ආදරෙ තිය තියා
නොදැනිම
නුඹට හිත ගියා

Video thumbnail