ආදරේට නැ සීමා

 Adareta Ne Seema


ආදරේට නැ සීමා Lyrics

ආදරේ හීන ගේනා
මවා රූප චායා
දෑස මානෙ ඇවිදින්
හීන ඇහැරුවා
ඔය දෑසින් වෙන්වීලා
කොහෙ යන්නද මං මිදිලා
නිදි නේනා රැයම ගෙවෙනා
නුබේ ඇස් පියන් යට සදා

අම්බරේ ඈත පාවෙලා යන්න දෙන්නෑ මගෙන් මිදිලා
වෙනස් නොවෙනා හිතක් තිබුණා ආදරේට නෑ සීමා...//

හිතම දවනා නුරා ගින්නේ
සියුම් දෙකොපුල් සිඹින පහසේ
හාදු තවරා සුසුමෙ දවටා
එවන් රහසේ ප්‍රේමියේ
ඔය ඇස්ලඟ මම නිවේ
සියුම් සයනක තුරුලු වෙලා
හැඟුම් ගලනා දිනක් ගෙවෙනා
අපෙ කතාව යලි මැවුනා

අම්බරේ ඈත පාවෙලා යන්න දෙන්නෑ මගෙන් මිදිලා
වෙනස් නොවෙනා හිතක් තිබුණා ආදරේට නෑ සීමා....//

Video thumbnail