කොමල සෝබනා (උකුල සලන)

Komala Sobana ( Ukula Salana)


කොමල සෝබනා (උකුල සලන) Lyrics

උකුල සලන ලමැද වනන රූ ඉනා මනා...
සසල කරන හිතම පිනන ආලකම් ගෙනා...
රතට හැරුන තොලඟ නිතර හාදු ඉල්ලනා...
ලඟට ලඟට හනික ඇදෙන කොමල සෝබනා...

ඔය මනබන්දන ලියකම්
හැඩ ඉඟ සුඟ ලැම කැටයම්
අඩවන් ඇසිපිය නලවන්
සුර දෙවඟන වගෙ වැඩපන්...//

ඔය සැලෙන ලපටි උකුලෙ පිරුණු කළය දවටලා...
නුඹ දැක්කාම පිපුනු මලක සුරුපෙ හිතට
ඉඟිකලා...
හිත කීවෙ යන්නමයි සංසාරෙ චාරිකා...
ගම්මානෙ හැඩම කුමරි මගෙම රැජින කරගෙනා...

ඔය මනබන්දන ලියකම්...//

පිංසාර මුවගෙ හංගාපු සෙනෙහෙ දෝරෙ යනු බලා...
ඇස් දෙකෙන් ඉවත යනෙනු කෙලෙස නුඹව
අතැරලා...
මිණි කිකිණි පතුල වදින පොළොවෙ පාවඩ අතුරා...
කැන්ද යන්නෙ රන් මාලිග නුඹගෙ නමට තනවලා...

Video thumbnail