ලාවට Lyrics
ඇස් කෝණේ ඉගි බිගි පෙලහර මට දෝ පෑවේ
හිත්මානේ ලස්සන මල් පෙරහැරවල් යන්නේ
පෙනෙනා දා ආසයි මා
පාටයි ලා රෝසයි දෙකම්මුලම ආහ්
ලාවට දුටුව ඔබේ - කෝමල වලට ඇදේ
රවුමට ඔය උකුලේ - හිත ගැටගැහිලා වගේ
වර්ණ එකිනෙක යොදා - දැමු ලස්සන රටා
එන්න ලගටම පුංචි සරුංගලේ මගෙ ඔයා
ඉන්න තනිකම මකා - දෙන්නකෝ ලගට වෙලා
යන්නේ බොරුවට නේද ඉතින් පස්ස හරවලා
හිතට කලන්තේ හදලා... කොහෙද දුවන්නේ නොබලා(එ නොබලා)
ලාවට...
කෙල්ලේ මං දෙස බලා - අල්ල උඩ අත තියා
ඉල්ල ගන්නකෝ මේ ආදරේ ඔබට වෙන් කලා
දෙන්න දැන්වත් බහා - ගන්නම් ඔබව වඩා
දෙන්නටම පසු තැවෙන්න වෙයි වුණොත් තව පමා
හිතට කලන්තේ හදලා... කොහෙද දුවන්නේ නොබලා(එ නොබලා)
ලාවට...