නුඹ තරම් Lyrics
නුඹ තරම් ආදරේ පිදූ
තව කෙනෙක් නෑ ලොවේ
ඔය තරම් ජීවිතේ හැදූ
කිසි කෙනෙක් නෑ ලොවේ
හමුවී කියාවී ආදරේ
රැඳෙමී ප්‍රියාවී සෙනෙහසේ
නිවෙමී ඔයාගේ දෑස් අගේ
විඳිමී සදා මේ ආදරේ..
Chorus:
සිහින සිහින හැබැහින් දකිමී
කඳුලු කඳුලු සතුටින් හෙලමී
නුඹම නුඹම මගේ ලෝකය වී
අපිට අපිව නැතුවම බැරි වී..//
Verse :
අහසෙම දිලෙනා රෑ තරු කියනා
පාර අසා ආවා
පෙරුමන් පුරලා මා ඔබ පතනා
ආල කතා මැවෙනා
තුරුලේ සුව කැන්දා
නලලේ මුදු හාදු තියා
සසරේ හුරු හින්දා
පපුවේ නුඹ රැඳුනා..
Chorus:
සිහින සිහින හැබැහින් දකිමී
කඳුලු කඳුලු සතුටින් හෙලමී
නුඹම නුඹම මගේ ලෝකය වී අ
පිට අපිව නැතුවම බැරි වී..//