තවත් ආදරෙන් (මං හොරැහින් බලන්නේ)

 Thawath Adaren (Man Horahin Balannee)


තවත් ආදරෙන් (මං හොරැහින් බලන්නේ) Lyrics

මං හොරැහින් බලන්නේ

ඇස් ඔබමයි හොයන්නේ

හිතක් ඇති නිසා

 

ඔබටයි කියන්නෙ

නැත්දෝ දැනෙන්නේ

තාම ඉන්නෙ ඈතට වෙලා

ඔබ වෙනුවෙන් උපන්නේ

මං එහෙමයි හිතන්නේ

තවත් ආදරෙන්

 

අහද්දි හිතේ ඉන්නෙ කව්දෝ

ඔබේ නමයි කියන්නෙ මා

පෙනෙන්න ඉන්නෙ ඔබට ලංවී

බලන්නෙ නැද්ද මා දිහා

 

දැන්වත් බලා මේ ඇස් දිහා

දැන්වත් බලා මේ ඇස් දිහා..//

කියන්න මගේද මගේ පෙම්බරෝ

 

හිත අස්සේ මැවෙන්නේ

මං සිහිනේ දකින්නේ

තවත් ආදරෙන්

 

දුකින්ම තියෙන හීන ගානේ

එන්නකො නොවී තව පමා

කියන්න තියෙන දේත් බොහොමයි

අහන්න ඕනෙ ඔබ තමා

 

දැන්වත් බලා මේ ඇස් දිහා

දැන්වත් බලා මේ ඇස් දිහා..//

කියන්න මගේද මගේ පෙම්බරෝ

 

හිත අස්සේ මැවෙන්නේ

මං සිහිනේ දකින්නේ

තවත් ආදරෙන්

 

ඔබටයි කියන්නෙ

නැත්දෝ දැනෙන්නේ

තාම ඉන්නෙ ඈතට වෙලා

ඔබ වෙනුවෙන් උපන්නේ

මං එහෙමයි හිතන්නේ

තවත් ආදරෙන්

 

 

 

 

Video thumbnail