විරාමයක් දුටුවා අපේ ආදර කතාව නිමා කළා
විලාපයෙන් හැඬුවා අඳුරු රැය කී හීනයක් මැකී ගියා
මෙතුවක් ඔබ සිහිනයක් මා හද රැඳි ඔබේ සිතුවම මැකී ගියා
මතකයන් තවත් රිදවන් අදුරු අතිතය මතකයන් දැවී ගියා
Rap Verse :
සුන්දර ආදර කතාවක් මේ ඉලව් ගෙයක් උන හැටි සිංදුවෙන්
නොසිතු ලෙස දුකයි ජය සූරිය දැවී ගියා බිංදුවෙන්
ලෝකෙ ජය ගත්ත ගොඩක් අය වැටිලා නැගිට්ටෙ බිංදුවෙන්
මේ හිත ඔය රූපෙ පස්සෙ දිව්වා දැන් හති ඒකයි මං ඉන්දුවේ
ටයිටස් තොටවත්ත දුන්නා වගේ තමයි මේ කිඳුරු කරලිය
දම්මි සුගට අවංක ආදරයක් දුන්නා ඒත් කතාවක් පෙරළිය
මේ ආදරේ පොකුණක් මම මලක් නෙළා ගන්න බැස්සා දිය බොර විය
දැම්මෙ දඟ පන්දු මං ගිහිල්ලා ගොනා සේ ආලේ ගාව කොරවිය
ආරක්ෂා කරාට මදේ පොත්තට හිමි කුණු බාල්දිය
වැටහුණා මං ඇදන් නාලා කියා පෙරළෙද්දි බාල්දිය
මං මෝල් විය දිග කෝල් විය මේ කතාවෙ එපිසෝඩ් හෝල්ඩ් විය
දැන් හුරුවෙලා දුක නිවාගන්න මලත් එක්ක ගලපන්න ප්ලේන්ටිය
මේ සාගරේ ඕන තරම් ඇති මත්ස්‍ය විශේෂ දැකුම් කළු විසිතුරු
බියකරු ආදරේ මුලින් රහයි කාටත් ඒ දේ විසිතුරු
ඇත්ත මේකයි දුක අහන්න කලින් දෙයියොත් ඉල්ලන්නෙ පලතුරු
මතුබුදු වන අම්මා ඉල්ලුවෙ නෑ කිසි දෙයක් මේ වෙනතුරු
Bridge :
වේදනාවන් රැඳුනු මතකේ දෝ ගියාමේ පරවෙවී
මතක කඳුලක් ඉතිරි කරනා දෝ පෙමක් දැන් සුන් වෙවී
නුඹේ සිනා මැකී ගියා මගේ සිතත් දැන් බිඳී ගියා
මේ ආදරේ නොතේරේ නම් අපේ කතාවත් නිමා කළා
Hook :
විරාමයක් දුටුවා අපේ ආදර කතාව නිමා කළා
විලාපයෙන් හැඬුවා අඳුරු රැය කී හීනයක් මැකී ගියා
ආ...හා....