හමුවී වෙන්වී ගෙවෙනා

 Hamuwee Wenwee Gewena


හමුවී වෙන්වී ගෙවෙනා Lyrics

හමුවී වෙන්වී ගෙවෙනා
අපෙ ඇසුරේ කෙළවර සොයලා
සැනසුම උකසට හරවා
මගේ හදවත මහන්සි වෙනවා

රන්හුයෙන් නුපුරුදු
එක් නොවේ නම් අපි මතු
ලොවට සමුදී එරෙහි වූ
එකම මොහොතේ පිටවෙමු

හමුවී වෙන්වී ගෙවෙනා....
ඔබ හින්දා

පුරාණයේ නිරන්තරේ
ඔබට හිරිහැර දිදී
මම ඔබේ ඇස් වලින්
දුක දොවන්නට ඇතී

පඩිසන් දී කරපු පව්
අපි වෙන්වී ගිය දුරක්
අදහන්නටත් බැරි තරම්
සත්තයි මගේ රත්තරන්

හමුවී වෙන්වී ගෙවෙනා....
ඔබ හින්දා

තුලා සඳේ රිදී ඉරේ
රැගෙන රශ්මිය මැකී
ලොවම අඳුරේ ගිලී
ආවේ අවසානේදී

හැම හමුවීමක් යටින්
මහා නොලබීමක් අරන්
කාලය ඉන්නවා බලන්
සත්තයි මගේ රත්තරන්

හමුවී වෙන්වී ගෙවෙනා....
රන්හුයෙන් නුපුරුදු....

හමුවී වෙන්වී ගෙවෙනා....
ඔබ හින්දා

Video thumbnail