මතක ලන්තෑරුම් අඳුර මැද

Mathaka Lantharum Andura Mada


මතක ලන්තෑරුම් අඳුර මැද Lyrics

මතක ලන්තෑරුම් අඳුර මැද
ඔබේ හුස්මක සුවඳ දැනුණා
අහම්බෙන් වට මුරුගසන් වැහි
මැද්දෙ මම තනියෙන්ම තෙමුණා
කියන්නම මග බලාගෙන උන්
වචන අමතක වෙලා රිදුණා
දැනුනෙ නැතුවට මගේ කඳුළින්
කමිස උරහිස තෙමී තිබුණා

ඔහු -
මතක ලන්තෑරුම් අඳුර මැද
හුස්ම නොතියා ඉන්න තිබුණා
අහම්බෙන්වත් මුරුගසන් වැහි
නොදී ඈතට යන්න තිබුණා
කියන්නම ගිය වචන අමතක
වුණත් මගෙ හදවතට දැනුණා
නොදැනුණා වාගේම උන්නට
සුදු කමිස උරහිසට රිදුණා

ඔහු -
පරවෙලා මිහිදන් වෙලා උන්
හිත ඔහේ පරවෙන්න තිබුණා
නිල් පාට කටරොළු මලක නිල
පිපුණු හිතකට දෙන්න තිබුණා

ඇය-
තනිය හුරු මට මගේ ලෝකේ
තනිය තනි නොකරන්න තිබුණා
එදා ඔය ඇස් දිහා නොබලම
බිම බලාගෙන යන්න තිබුණා........................................

Video thumbnail