මතකේ හසරැල් (කියන්නට බැරි තරම් ඔබට ආදරෙයි මං)

Mathake Hasarel (Kiyannata Bari Tharam)


මතකේ හසරැල් (කියන්නට බැරි තරම් ඔබට ආදරෙයි මං) Lyrics

කියන්නට බැරි තරම් ඔබට අදරෙයි මං
දරන්නට බැරි තරම් දුක වාවන්නට බෑ දැන්
ඔබ ඇයි කුරිරු මේ තරම්
සිතක් නැති කෙනෙක් මෙන්
මා හෙලනා මේ සුසුම් ඔබට දැනෙනවා නම්
මා සොයා යළි ඇවිත් සිපගන්නකෝ මා දෙතොල්

මතකේ හසරැල් නැගෙන රැයේ
දෙනෙතින් කදුළැල් ගලා ගියේ
ජීවිතයේ රස දැනෙන වියේ
ඔබ මා හැරදා ඇයිද ගියේ

ඔබ ඇයි අන් සතු උනේ ඔබ ඇයි මා හැර ගියේ
පූජනීයයි ආදරේ ඔබ එය නොදනී ප්‍රියේ
දිවි ඇති තෙක් මේ භවේ ඔබට පමණයි ආදරේ
මා හද පතුලේ ඔබේ රුව සදා ඇදී තිබේ

සිතකින් නොව ඔබ දමා ගියේ
ඔබ ගෙන සිහිවෙයි හැම මොහොතේ
දුක පමණයි මට උරුම උනේ
සමාවෙන්න කුමරාණනේ

ඔබ හා මා යළි හමුවේ නම්
ජීවිතයම ඔබ හට දෙන්නම්
ඔබගේ සුසුමන් තුළ ගිලිහී
ඔබගේ තුලුලේ මිය යන්නම්

මතකේ හසරැල් නැගෙන රැයේ
දෙනෙතින් කදුළැල් ගලා ගියේ
ජීවිතයේ රස දැනෙන වියේ
ඔබ මා හැරදා ඇයිද ගියේ..!!

 

Video thumbnail