සුසුමක් දිගේ Lyrics
සුසුමක් දිගේ පෙම් පණිවිඩ එවා සුරතල් සිනා
මේ හිත පුරවලා ඔබ ළං වෙලා සිතේ ගුලි වෙලා
රහසින් කියයි ආදරේ මට කියා ඔබ නේද මට හිමි කෙනා
පෙර පුරුදු මට ඉඟි කළා තනිවුණු හිතේ
ඔබ නැවතුණේ අත ගන්න දින ගණිනවා
මට ලෝකයක් ඔබ වටිනවා ඔබ නේද මගේ ජීවිතේ
ඔබ නොදැක පාළුව තරම් ලොව කොහේද වෙන තනිකමක්
ඔබ ඉන්න මගේ හුස්මකත් සෙවණැල්ල වී ඉනු ළඟින්
ඔබ නේද මට හිමි කෙනා පෙර පුරුදු මට ඉඟි කළා
තනිවුණු හිතේ ඔබ නැවතුණේ අත ගන්න දින ගණිනවා
මට ලෝකයක් ඔබ වටිනවා ඔබ නේද මගේ ජීවිතේ
උරහිසට ඔබේ හිස තියන් මා තුරුලේ සැනසෙනු ඇවිත්
මගේ දෙනෙත පියවෙනතුරා මට ඕනේ ඔබ විතරමයි
ඔබ නේද මට හිමි කෙනා පෙර පුරුදු මට ඉඟි කළා
තනිවුණු හිතේ ඔබ නැවතුණේ අත ගන්න දින ගණිනවා
මට ලෝකයක් ඔබ වටිනවා ඔබ නේද මගේ ජීවිතේ