දෑසින්

 Daasin


දෑසින් Lyrics

දෑසින් කී කතාවක් හමුවේ හදවත ගොළු වුණා
මායම් පෑ සිනාවක් අතරේ මදකට නැවතුනා

හැඩකාරී නුඹ මාගේ සිත විහිළුවක් කලා
හිමිකාරී වේදෝ ඈ මාගේ හසගන වෙලා
ඔය බැල්මේ වශියක් වී නුඹ ලග මා අවනත නොමවේ
මා ස්වර්ගේ සැතපෙන්නෙ කවදද ඉවසිල්ලක් නැත්තේ

මේ ආදරේ මට පුරුදුයි වගේ
හඩ නෑසී ගිහින් දුටුවේ රුව විතරයි ඇගේ
රෑ සීතලේ නුඹ සිටියා නම් ළග මගේ
නෑ තනිකමක් ස්ථිරයි එය ලදේ

දෑසින් කී කතාවක් හමුවේ හදවත ගොළු වුණා
මායම් පෑ සිනාවක් අතරේ මදකට නැවතුනා

ගානට මාත්‍රාව දුන්නොත් සැනසීමයි
ඒ මාත්‍රාව වැඩි උනොත් වැනසීමයි
ඩීල් එකේ හැටියට කතා වුණේ එමයි
මේවා මං ජස්ටිෆයි කරන්නෙම නෑමයි

ඈ..දීලා සියා ඈ..ස් රත් වෙලා වගේ මට
ට්‍රැක් එක පැනගෙන යද්දි පෙන්න ගත්ත
මල් මා..මලා විස දේවල් දා..ගෙන අව්
කණ්ණා.ඩිය අස්සේ සගවාගෙන හිටියේ දෑස්

බර ජාති මෙහේ බානවා
සෙට් එකක් අරෙහෙ හානවා
මං සියල්ල බලාගෙන
මෙහෙ හසරැලි පානවා

කෙල්ල ලයින් පාර දානව
කොල්ලො ලයින් එක දානවා
වී.අයි.පී ලෝන්ච් එකට මට යටින්
පාස් එක දානවා

හිතට වද දුන්නෙ ඇය නැති කාරණාව
හිතන්න බැ කෝමත් දැන් නම් අඩුයි කල්පනාව
එක් අතකට මචං එකත් මගෙ වාසනාව
උඩ හිත නිදී දොයි.. දෝයි.. යටි සක්මන් භාවනාව

තනි වුන හැම මොහොතක් ගානේ
ඔය රුව පමණයි හද මාගේ
නිම්හිම් නැතුවා වේ
හිත දුවයි එ අත බලා

අනුරාගිනියේ හද මාගේ
නුඹ ළග මුසපත් වී වාගේ
බැදුනා රහසේමා නුරාවන්
මල් පීදිලා

හැගුමන් වෑහුනිද මේ
නුඹ හා වෙලෙනා රැයේ
බැදි සුසුමන් පුරාම ගැවසී
දැවේ සියොලග රාගිනියේ

උන්නාට එ මල ළග බඹරිදු වාගේ
නෑ තේරුණේ නුඹෙ රොන් මත් වු රගේ
වින්නත් සුවේ අඩවන් ඇයි නෙතු මාගේ
වේ හිස්තැනක් කොයිබද මට වැරදුනේ

දෑසින් කී කතාවක් හමුවේ හදවත ගොළු වුණා
මායම් පෑ සිනාවක් අතරේ මදකට නැවතුනා

 

Video thumbnail