ආයෙත් එන්න Lyrics
මහ නුවරට ආදරේ අරන්
නුබ ආයෙත් එන්න රත්තරං..//
වැව රවුමට හීන පොදි බැඳන්
දුක කියනු බෑ අහස දෙස බලන්
හන්තානේ ප්‍රේම මල් උයන්
අද පරවී කඳුළු වැල් තියන්
හිත ගොළුවී වැසෙන නෙතු පියන්
ඔබ සිහිවී හඬනවා හොරෙන්
දුර ඈතින් මාලිඟා දුරින්
හිත අහකට ගන්න බෑ හෙමින්
මගෙ දෑතේ එල්ලිලා ගිහින්
මතකද ඔබ පැතුව ලොව පහන්
මහ නුවරට ආදරේ අරන්
නුබ ආයෙත් එන්න රත්තරං..//
වැව රවුමට හීන පොදි බැඳන්
දුක කියනු බෑ අහස දෙස බලන්