ළගින් ඉන්නම් (මා හා නුඹ මේ ආත්මයේ)

Lagin Innam (Maha Nuba Me Athmaye)


ළගින් ඉන්නම් (මා හා නුඹ මේ ආත්මයේ) Lyrics

දැවෙනා හීන හිත් ආකහේ
මේ තත්පරය නවතාවි ලෝකේ අපේ
මා හා නුඹ මේ ආත්මයේ
කළ ගනුදෙනුව අවසන් වුණාදෝ සඳේ

ලඟින් ඉන්නම්
මගේ වෙන්නම්
කියූ එවදන් මතක්වෙයි දැන්
හදේ රිදුමන්
නිවී යනකන්
දෑත අල්ලන් - ඉන්න හැකිනම්

හඩනා දැස මත වේදනා
තැම්පත් වෙච්ච හීනයකි තාමත් ඔයා
පවරා මාගෙ ළයගින් එදා
පූජා කෙරුව ආදරය පවතී සදා

ලඟින් ඉන්නම්
මගේ වෙන්නම්
කියූ එවදන් මතක්වෙයි දැන්
හදේ රිදුමන්
නිවී යනකන්
දෑත අල්ලන් - ඉන්න හැකිනම්

Video thumbnail