තවපාරක් හමුවි හිනැහි Lyrics
තව පාරක් හමුවී හීනැහී
ගවුගානක් දුර යමු වෙන්වී
මග හැරුනත් මගදී
නුඹ වෙත පෙම් කරමි
හිමිකම් නැති හීනෙක ගොළුවී
ප්‍රේමයෙ මුණිවත මා කරමී
හිමිනම් හමුවේවී
නැතිනම් වෙන් වේවී
මේ ගෙවෙන විරාමේ
හිත තනිව මුළාවේ
අපි පැතුව කතාවේ
සුභ නැකත නිමා වේ
ඔය සිනහව මතකෙ තියා
තනිවෙමි මා සසර පුරා
හැම හමුවීමම කෙලවර වන්නෙ
පසුවදනක් නැවත තියා
අමතක කෙරුවත් ආයේ ආයේ නුඹවම සිහිවෙනවා
සිහිනෙක පාවි පාවී
රහසේ දින වරු ගතවෙ නවා
මේ මොසම් සුලගේ පාවී
යන්නම් නිහඩ වෙලා
ගවුගානක් ඈතින් ඈතට
ඔය ඇස් දෙසම බලා
මල් මාවත් නැති මේ ජීවිත
ගමනේ මගක එදා
හමුවී නුඹ දුන් ආදරයට
දෛවය එරෙහි වුනා
ඔය සිනහව මතකෙ තියා
තනිවෙමි මා සසර පුරා
හැම හමුවීමම කෙලවර වන්නෙ
පසුවදනක් නැවත තියා
අමතක කෙරුවත් ආයේ ආයේ නුඹවම සිහිවෙනවා
සිහිනෙක පාවි පාවී
රහසේ දින වරු ගතවෙ නවා..//