දැක්ක ගමන් හිතේ බැඳී නාඹර රූපේ
සොයාන එන්නෙමි පියඹා
ආසම මං හිනාව ඒ ආදරෙ පිරුණු
නොම දැක මෙවැනි ලඳක රූ
පුරා ඒ සඳ බබලා රෑ ඈ නෙතු කමලින් පෑ
ඒ ඉඟි ගෝමර දෑසින් වසා
නෑ මේ සිහිනෙ නිමක් නෑ නුඹ නැතිව ලොවක් නෑ
නුඹ දුන්නු හැඟුම් සිත්තම් වීලා
නුඹට ලියන්නේ මෙපෙම් ගී හඳින් ගයාලා
හෲදෙ මගෙ රිද්දු ශුන්ගාරේ මා හිතේ ඇදීලා
නැහැ වෙන හිතක් නම් මා නුඹෙන් මං එහා පතාලා
කරද්දි මුකුලු ඈ මල්වාරම් හිතේ රැව්දීලා
දැක්ක ගමන් හිතේ බැඳි ආ හිතේ බැඳී
දැක්ක ගමන් හිතේ බැඳි ආ රා රරරරේ....//
දැක්ක ගමන් හිතේ බැඳි නාඹර රූපේ
සොයාන එන්නෙමි පියඹා
ඇසිල්ලෙන් ලෙල්ලටම නුඹ ලඟටම පාවී
දන් නොදැක්ක රුවක් පුරුදුය රූපේ
නිට්ටාවට කියන්නේ වංචාවක් නොවේ මේ
ඇස්දෙකේ දිස්නෙටමයි මුලාවී මත් වෙන්නේ
වසන්ත ගම පිරෙන්න නුඹ හොයා
චංචල වී හීනේ නුඹ රූපේමයි දැක්කේ මයා
වාසේ මං ඉන්නම් පාවී බලන්න පිංතූරේ නුඹගේ නුරාවී
මතුදා මෙලෙසිනේ ඈ බලාන මදෙසේ
පලදා මාල හතක් සරසා දේවී
වැසිදා අහස් දිය පවා පතාවී සුබ සිරි
නෑ ඇගෙ අත්ලෙ රටා නොමැකී නොමැකී
නුරා ඒ වත බබලා රෑ ඈ මුතු පහසින් පෑ
ඒ කෝල හැඟුම් දෑසින් වසා
නෑ මේ සිහිනෙ නිමක් නෑ
තනි වෙන්න හිතක් නෑ
නුඹ දුන්න හැඟුම් සිත්තම් වීලා
නුඹට ලියන්නේ මෙපෙම් ගී හඳින් ගයාලා
හෲ මගෙ රිද්දු ශුන්ගාරේ මා හිතේ ඇදීලා
නැහැ වෙන හිතක් නම් මා නුඹෙන් මං එහා පතාලා
කරද්දි මුකුලු ඈ මල්වාරම් හිතේ රැව්දීලා
දැක්ක ගමන් හිතේ බැඳි ආ හිතේ බැඳී
දැක්ක ගමන් හිතේ බැඳි ආ රා රරරරේ....//