රෑනේ ඉගිලෙන්න Lyrics
රෑනේ ඉගිලෙන්න ඕනේ
දෑස පෙනෙනා ඉමේ
විහඟුන් වාගේ පියාඹා
පාවී මේ ගං තෙරේ
පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා
පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා
පිපි මල් නොතලා පිණිලැල් අතුරා
සේයා මැවෙනා උදේ
රෑනේ ඉගිලෙන්න ඕනේ
දෑස පෙනෙනා ඉමේ
විහඟුන් වාගේ පියාඹා
පාවී මේ ගං තෙරේ
පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ
පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ
දියරැල් අතරේ හැඟුමන් කිමිදේ
මේ ගී ගයනා හදේ
රෑනේ ඉගිලෙන්න ඕනේ
දෑස පෙනෙනා ඉමේ
විහඟුන් වාගේ පියාඹා
පාවී මේ ගං තෙරේ
පාවී මේ ගං තෙරේ
පාවී මේ ගං තෙරේ
පාවී මේ ගං තෙරේ