හුරතල් අක්කේ (නම්බු නාම සල්ලි බාගේ) Lyrics
නම්බු නාම සල්ලි බාගේ ඇති කොල්ලෙක් අක්කේ
නුඹ හොයා ගද්දි හොද වැඩි මල් උස පෙනුමට දැක්කේ
මම ටිකක් බාල හින්දා මාව සෙල්ලමටද ගත්තේ
මම උඹට ආදරෙයි තවමත් මගේ හුරතල් අක්කේ
මට රෑට හීනෙනුත් පේන්නේ නුඹ විතරයි අක්කේ..
මාල හතක් පලන්දගෙන දෝලාවක යන්න
මුළු ගම්මානෙම හොල්මන් වෙන ලොකු මගුලක් ගන්න
කවුරුත් නැති හැන්දෑවට තුරුලු වෙලා උන්න
ඇස් දෙක පල්ලා හිතුනා එදා මෙහෙ බින්න බහින්න
මෙහෙ බින්න බහින්න...
නම්බු නාම සල්ලි බාගේ.........
හයේ හතරේ පෙනුමට උඹ ඔය හිත බැන්දාට
කොයි තරම් ගැටිස්සියන්ගේ හිත බැදෙන්නැද්ද ඌට
කවුරුත් නිකමටවත් නොඹලපු මගේ හඳ පාට
බලාපු උඹ මැණිකක් අක්කේ මේ මලයාට
අක්කේ මේ මලයාට...
මම උඔව හොයන් එනවාමයි කවදාහරි අක්කේ....